Our Vision/ අපගේ දැක්ම
ප්රජා සහභාගීත්වයෙන් තිරසාර සංවර්ධනයක්
sustainable Development trough comiunity participationOur Mission/ අපගේ මෙහෙවර
රාජ්ය ප්රතිපත්තිවලට අනූකූලව සේවා සැපයීමටත් , සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම තිරසාර හා සැළසුම්ගත සංවර්ධන ක්රියාවලියක් තුළින් ප්රදේශයේ ජන දිවිය නංවාලීම
Buildup Amabangangakorale Division trough Given service acording to public policies ,cordinate resourese and sustainable and wellplanned Development process with comiunity participation
අපේ කාර්ය මණ්ඩලය
මාණ්ඩලික නිලධාරින්

- ප්රාදේශීය ලේකම් - වසන්තා වර්ණකුලසූරිය මිය
- සහකාර අධ්යක්ෂ - රමණි එස් හේරත් මෙය
- ගණකාධිකාරි (වැ.බ.) - ජානක සුමනසිරි මයා
- පරිපාලන නිලධාරි - පී.දිසානායක මිය
අනෙකුත් කාර්ය මණ්ඩලය
- කළමනාකරණ සහනාර නිලධාරින් -20
- ග්රාම නිලධාරින් -16
- ක්ෂේතු නිලධාරින් -21
- සංවර්ධන නිලධාරින් -37
- සමෘද්ධි කළමනාකරැවන් -05
- සමෘද්ධි සංවර්ධන නිලධාරින් -41
- රියදුරු -02
- කණිෂ්ඨ කාර්යමණ්ඩලය -05
අඹන්ගගකෝරලේ කොට්ටාශය පිළිබදව..................
භූගෝලීය පිහිටිම හා පසුබිම
මාතලේ දිස්ත්රික්කයේ මධ්යෙය් පිහිටි ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන අඹන්ගඟකෝරළේ උතුරින් නාඋලින් ද ,නැගෙනහිරින් ලග්ගලින් ද ,දකුණින් රත්තොටින් ද ,බටහිරින් මාතලෙන් ද යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සීමා වී ඇති අතර ,කොට්ඨාසයේ විශාලත්වය ව.කි.මී.56.47 කි.අඹන්ගඟ නමින් ග්රාමයක් නොවූව ද මහවැලි ගඟේ ප්රධානතම අතු ගංඟාවක් වන අඹන්ගඟ ආශ්රිත ප්රදේශයක් වන නිසා අඹන්ගඟකෝරළේ නමින් හදුන්වනු ලබන අතර අතිශයින් ම ග්රාමීය පරිසරයක් සහිත මෙම කොට්ඨාසයේ නාගරික ලක්ෂණ දක්නට නොමැත.කුඩා කඩ කිහිපයකින් සමන්විත කඩමන්ඩි ස්වරෑපයේ ස්ථාන කිහිපයක් හැර කොට්ඨාසයේ නාගරික වූ කොටස් නොමැත.
වර්ථමාන අඔන්ගගකෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය වසම් 20 කින් සමන්විත වන අතර කොට්ඨාසයට අයත් ප්රධාන නගර හෝ උප නගර නොමැත.එබැවින් ප්රදේශවාසින් තම අවශ්යතා සපුරා ගැනීම සදහා රත්තොට නගරය හෝ මාතලේ නගරය වෙත යා යුතු ය.එමෙන් ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටිම ප්රධාන මාර්ග දෙකක් කෙන්ද්ර කරගනිමින් විහිදි ඇත.මාතලේ රත්තොට ප්රධාන මාර්ගයෙන් කයිකාවල හන්දියේ සිට දිවෙන කුඹල්ඔළුව මාර්ගය සහ රත්තොට නගරයේ සිට ගම්මඩුව දක්වා දිවෙන මාර්ගය මෙම මාර්ග දෙක වශයෙන් හදුනාගත හැකි ය.මෙම මාර්ග දෙක අතරින් රත්තොට නගරයේ සිට ගම්මඩුව දක්වා දිවෙන මාර්ගයේ පල්ලේතැන්න ග්රාම නිළධාරි කොට්ඨාසයේ ප්රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.
මෙම කොට්ඨාශය තුළ බහුතරය සිංහල බෞද්ධ ජනතාව වන අතර ,øවිඩ ජනතාව ද විශාල වශයෙන් වතු ආශ්රිතව ව්යාප්තව ඇත.කොට්ඨාසයේ රාජ්ය හා පෞද්ගලික වශයෙන් වතු 08 ක් ඇත. සමස්ථ කොට්ඨාසයම සැලකීමේ දී සුළු අපනයන බෝග වගාවට ප්රධාන තැනක් හිමි වේ.එයිනුත් ගම්මිරිස් වගාව මූලික තැනක් ගන්නා අතර මාතලේ දිස්ත්රික්කයේ ඉහළ අපනයන බෝග ඵලදාවක් ලබා දෙන ප්රදේශයක් ලෙස මෙම කොට්ඨාසය හැදින්විය හැකිය.ඒ අනුව රටට විනිමය උපයා දීම සම්බන්ධයෙන් ද යම් දායකත්වයක් මෙම කොට්ඨාසයෙන් ලැබෙන බව විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය.
මාතලේ දිස්ත්රික්කයේ අනෙකුත් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ හා සසදාබැලීමේදී අවම යටිතල පහසුකම් සහිත නොදියුණු මට්ටමේ දිළිදු ජනතාව විශාල ප්රමාණයක් මෙම ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජීවත් වේ.
වැසි වනාන්තරවල වලට බොහෝසෙයින් සමාන වෘක්ෂ ලතා ව්යාප්තියක් ඇති කදුකර තෙත් කලාපිය වෘක්ෂ ලතා ග්රහණයකින් සමන්විත මෙම කොට්ඨාශයේ ඉතා සෞම්ය දේශගුණයක් පවති.එසේ ම නකල්ස් කදු වැටියේ බෑවුම් ප්රදේශ වන බැව්න් අධික වර්ෂාපතනයක් ලැබෙන ප්රදේශ ලෙස ගම්මඩුව ,පුස්සැල්ල ප්රදේශ දැක්විය හැකිය.ප්රදේශයේ සාමාන්ය වාර්ෂිකවර්ෂාපතනය මි.මී.1000ට වැඩි වන අතර සාමාන්ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 සිට 31 දක්වා පමණ වේ.
එසේ ම සුළු අපනයන බෝග වගාව සදහා සුදුසු දේශගුණික රටාවක් හා භූගෝලිය පසුබිමක් මෙම ප්රදේශය පුරාම දක්නට ලැබෙන අතර තේ වගාව සදහා සුදුසු භූගෝලීය හා දේශගුණික ලක්ෂණ ගම්මඩුව පුස්සැල්ල ආශ්රීත කඳුකර ප්රදේශවල දක්නට ලැබේ.වී වගාව ද දක්නට ඇති අතර විශේෂයෙන් ම කඳුකර ප්රදේශවල හෙල්මලු ක්රමයට වගා කිරිම සිදු කෙරේ.
සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන
අඹන්ගඟකෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංස්කෘතික වටිනාකමකින් යුතු ප්රදේශ කීපයකින් සමන් විත වේ.ඒ සදහා පෙර රජවරුන්ගේ පාලන සමයන් හේතු වී ඇත.එහි දි වළගම්බා රජු හා විජයබා රජු විශේෂ වේ.මීට අමතරව පහතින් සදහන් ස්ථාන සංස්කෘතික වැදගත්කමින් යුතු ප්රෙද්ශ බව හදුනා ගත දැකි ය.
01.මාගල්ලෑව දිවුරුම් බෝධිය
තම ප්රදේශයට සැපත් වන කීර්ති ශ්රී රාජසිංහ රජු උත්කර්ෂවත් ව පිළිගන්නට ගම්මුන් මාගල්ලෑව භූමිය සකස් කළ බැවින් එවක් පටන් එම ප්රදේශය මාගල්දුව මාගල්ලෑව බවට ව්යවහාර වියමෙම ගම්මානයේ ඇති ඓතිහාසික බෝධි වෘක්ෂය වටා පුරා වෘත්ත ගණනාවක් ගෙතී ඇති අතර ඒවායේ ඇති ඓතිහාසික වැදගත්කම නිසා ම බැතිමතුන්ගේ නොමඳ වන්දනාවට මෙම බෝධිය පත් වී ඇත.
02.රාජාංගනය
රත්තොට සිට ගම්මඩුව දක්වා දිවෙන මාර්ගයේ දෑලීවල ඔයත් හල්ගොල් ඔයත් සම්බන්ධ වන ස්ථානයේ මෙය පිහිටා ඇතවළගම්බා රජු දවස මාතලේ අලුවිහාරේ ධර්ම සංඝායනාවට වැඩම කළ රහතන් වහන්සේලා මෙම ස්ථානයේ පිහිටි ගල්ලෙන් වල වැඩ වාසය කළ බව ජනප්රවාදයේ පවති.
03.රත්තොට
වළගම්බා රජ දවස මාතලේ අලුවිහාරේ පැවති ධර්ම සංඝායනාවට වැඩම කළ රහතන්වහන්සේ ලා දෑලිවල ඔයත්,හල්ගොල්ල ඔයත් එක්වුණු ස්ථානයේ ස්නානය කළ බව ජනප්රවාදයේ සදහන් වේ.රහතන් වහන්සේලා ස්නානය කිරීම සඳහා උපයෝගී කරගත් තොටුපල රහත්තොට ලෙ අතීතයේ වූ බවත් පසුව රහත්තොට රත්තොට වූ බවත් සඳහන් වේ.
04.ගුරුබැබිල පුරාණ ටැම්පිට විහාරය
මෙම විහාරය වළගම්බා රජ දවස දක්වා ඈතට දිවෙන බව ජනවහරේ වේ.අලුවිහාරේ ධර්ම සංඝායනාවට වැඩම කළ රහතින් වහන්සේලා කිපනමක් ම මෙම විහාරස්ථානයේ වැඩම කර විසූ බව සදහන් වේ.මෙම විහාරය මහනුවර යුගයේ ඉදී වූ බව සැළකෙන අතර විශාල ප්රමාණයේ ගල්කුළුණු කිහිපයක් මත දව කඳ බිත්ති නංවා විහාර ගෙය ඉදි කර ඇත.විහාර ගෙය ඇතුළත සූවිසි බුද්ධ ප්රතිමා වහන්සේලාගෙන් අලංකාර වී ඇත.සිවිලිම අලංකාර චිත්රවලින් විචිත්රවත් වී ඇත.
05.නාරංගොල්ල ටැම් පිට විහාරය
මෙම විහාරස්ථානය 1760 ගණන්වල ඉදි කරන ලද්දකි.පැරණිම විහාර ගෙය ටැම්පිට විහාර ගෙයයි.මෙම සිතුවම් මහනුවර යුගයේ ඇදි සිතුවම්ු යැයි සැලකිය හැකිය .විහාරයේ තැම්පත් කර ඇති බුදු පිළිම දැවයෙන් හා මැටියෙන් තනා ඇත.මෙය නාරංගොල්ල වසමේ පිහිටා ඇත.
06.ඇහැලගස්තැන්න අම්බලම
නාරංගොල්ල ග්රාම නිලධාරී වසමේ මෙම අම්බලම පිහිටා ඇත.මෙහි ආරම්භක වකවානුව නිශ්චිත නොවන අතර මෙහි තිබෙන පැරණි අම්බලම පූර්ණ වශයෙන් විනාශ වූ පසු ගම්වාසීන් විසින් නැවත ප්රතිසංස්කරණය කර ඇත.
07.ක්ලෝඩා බංගලාව, නාගල බංගලාව,කළුගල්තැන්න බංගලාව,ගම්මඩුව බංගලාව
අඹන්ගඟකෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය භූමි පරිභෝජනය හා වැඩි අවස්ථාවක් වැවිළි ආර්ථික කටයුතු සඳහා ලබා දී ඇත.එහි දි ඉංග්රිසි ජාතිකයින් විසින් තේ,කොකෝවා රබර් වැනි වැවිලි ආර්ථික බෝග වගාවන්ට ප්රමුඛත්වයක් ලබා දී ඇත.මෙම වගාවන් පරිපාලන කටයුතු සදහා බ්රිතාන්ය යේ සිට පැමිණි නිළධාරින්ට නවාතැන් සැපයූ ස්ථාන අද වන විට සංචාරක ව්යාපාරයට භාවිතා කරයි.මෙම ස්ථාන ඉතා දර්ශනීය ස්ථාන වල පිහිටා ඇති අතර ඒවා තුළ සංචාරකයින්ය අවශ්ය සියලු ම පහසුකම් ද සලසා දී ඇත.
පාරාසරික වැදගත්කමක් ඇති සංචාරක ආකර්ශනීය ස්ථාන ප්රමාණය
අප කොට්ඨාශය පාරිසරික වැදගත්කමකින් යුක්ත වේ.මේ සදහා අප ප්රෙද්ශයට යාබදව පිහිටා ඇති නකල්ස් කඳු පන්තිය අපට බලපෑම් කරයි.මේ අනුව පහතින් සදහන් ස්ථාන දැක බලා ගනිමින් ස්වභාව සෞන්දර්ය රස විඳීමට අවස්ථාව උදා වී ඇත.
- කොස්ගොල්ලදියඇල්ල
කොස්ගොල්ල වසමේ පිහිටා ඇත.මාතලේ ,රත්තොට මාර්ගයේ සිට කයිකාවල හංන්දියේ සිට කි.මී 18 දුරින් පිහිටා ඇත.අංශක 60 ක් පමණ මඳ බෑවුම්ක් ඔස්සේ දිය ඇල්ල ගලා බසී.
- කරගස්තැන්න
ගම්මඩුව වසමේ පිහිටි දර්ශනීය ස්ථානයකි.ගම්මඩුව සිට කි.මී.6 දුරින් පිහිටා ඇත.කඳු මුදුනේ ස්වාධීන ,සිරස ,ස්වර්ණවාහිනි,ජාතික රෑපවාහිනි, ගුවන් විදුලි කුළුණු ස්ථාන ගත කර ඇත.රටේ ආදායම් උත්පාදනය කරන ස්ථානයකි.සමහර ස්ථාන අධි ආරක්ෂිත ස්ථාන ලෙස ද නම් කර ඇත.
- දෙගන්තුඩුව
කුඹල්ඔළුව වසමට අයත් වේ.සුදු ගඟ හා ක ගග එකතු වන ස්ථානයේ දෙගන්තුඩුව වේ.පසුව මෙය අඹන්ගඟ ලෙස පහලට ගලා බසී.මාතලේ රත්තොට මාර්ගයේ ගමන් කල විට කයිකාවල හංදියේ සිට කි.මී.15 ක් පමණ දුරින් පිහිටා ඇත.
- ඇහැලගස්තැන්න නාන තොටුපල
නාරගොල්ල ග්රාම නිලධාරී වසමට අයත් වේ.
රත්තොට නගරයේ සිට කි.මී. 1 1/2ක දුරින් පිහිටා ඇත.දේශීය සංචාරකයින් හා නාගරික ජනයා දිය නෑම සඳහා මෙම ස්ථානය භාවිතා කරයි.
- රාජාංගන නාන තොටුපල
හුණුකැටේ ග්රාම නිලධාරී වසමට අයත් වේ.රත්තොට නගරයේ සිට කි.මී. 1 ක් දුරින් පිහිටා ඇත. දේශීය සංචාරකයින් හා නාගරික ජනයා දිය නෑම සඳහා මෙම ස්ථානය භාවිතා කරයි.ඉතා දර්ශනීය ගල් තලාවක් මතින් විශාල දිය ධාරාවක් ගලා යන ස්ථානයකි.
කොට්ඨාසයට අදාළ ආවේනික නිෂ්පාදන හා පාරම්පරික කර්මාන්ත
|
නිෂ්පාදන/කර්මාන්තය |
කර්මාන්තය ක්රියාත්මක වන වසම/වසම් |
කර්මාන්තයේ නිරත පවුල් ගණන |
නිෂ්පාදන වර්ග |
|
කිතුල් කර්මාන්තය |
තිබ්බටුකනත |
34 |
පැණි,හකුරු |
|
පිත්තල කර්මාන්තය |
ගුරුබැබිල |
06 |
ඉර,හඳ,වෙනත් භාණ්ඩ |










